Friday, June 16, 2017
වෙනස් වීම
මේ ලෝකයේ ඇති සියලුම දේ වේගයෙන් වෙනස්වෙමින් පවතී .එය ඉතාම වේගයෙන් සිදු වෙන ක්‍රියාවලියක් නිසා අපට බැලූ බැල්මට එය තේරුම් ගැනීමට අපහසුය. ශරීරය නමැති ලෝකය තුලද මෙම වෙනස්වීම ශීග්‍රයෙන් සිදු වේ. එය යම් හෙයකින් අපට තේරුම් ගැනීමට පුළුවන. සමාන්තරව එකම වේගයකින් එකම දිශාවට යන වාහන දෙකක් ගැන සිතන්න. මේ වාහන දෙකෙහි යන අයට පෙනෙන්නේ එකම තැන සිටින ආකාරයයි. නමුත් වාහන දෙක වේගයෙන් වෙනස් වේ.
ලෝකයේ විපත්ද නැත. ඇත්තේ වෙනස් වන බව අප නොදැන සිටීමයි. සොබාධර්මයේ සිදු වන යම් වෙනස් වීමකට අපි බොහෝ කම්පා වෙමු. නමුත් එය හොද අවභෝදයකින් සිටියේ නම් අපිට එතරම් කම්පාවක් ඇති වනේ නැත. මේ අනුව සිතන විට දුක සැප, නින්දා ප්‍රසන්සා, ලාභ අලාභ මේ සියල්ලමද ඒ ආකාරයෙන්මය. මේ දේවල් අප කරා ලගා වූ විට දුකක් කෝපයක් කල කිරීමක් ඇති වනේ මෙවැනි වෙනස්වීම් සිදුවන වන බව අප නොදැන සිටීම නිසාය.
ඔබට මේ කරුණු තුලින් යම් දෙයක් වැටහෙන්නට පුළුවන, එනම්, මේ ලෝකයේ ඇති සියලුම දේවල් අනිත්‍ය කියන ස්වභාවය තුල පවතින බවය. අපට ඇති ප්රශ්නය වන්නේ අනිත්‍ය දෙය නිත්‍ය යැයි සිතාගෙන සිටීමයි. අපේ සිතතුළ පවතින මේ නිත්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට අප කොතරම් වෙහෙස මහන්සි වෙනවාද. සරල ලෙස ඔබ ඔබේ නිවස උපමාවට ගන්න. ටික දිනක් ගිය විට මෙහි පරණ වීමක් ඔබට පෙනෙන්නට පුළුවන. නැවතත්ඉබ එයට තීන්ත ගාමින් අලුත්වැඩියා කිරීමට පෙලෙබෙනු ඇත. ටික කලකින් එයද පසුගිය තත්වයටම වැටෙනවා ඇත. දැන් ඔබට මේ ස්වභවය ගැන ටිකක් හෝ වැටහෙනවා ඇතැයි සිතමි. ශරීරයේ තත්වයද එසේමය. ශරීරයේ වෙනස්වීම දරාගැනීමට නොහැකි නිසා අපි මොන තරම් තාවකාලික පිළියම් යොදනවාද.
විශ්වයේ පවතින මේ සත්‍යතාවයන් හොදින් වටහා ගත තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ විෂයන් ගැන අපට හොදින් වටහා දී ඇත. සිදු වී ඇත්තේ මේ ධර්මතාවයන් අපි අවබෝද කර ගැනීමට උත්සාහ නොකිරීමයි. ඒ අවබෝදයන් අපි ලබා නොගැනීම නිසා මහත් දුකකට වේදනාවකට පත් වී ඇත. සුළි සුළං, ගන් වතුර, නාය යෑම්, ගිනිකදු , සුනාමි මේ සියල්ලම අනිත්‍ය ලක්ෂණයන්ය. වෙනස් වීමේ ස්වභාවයන්ය. එසේ නම් සිදු විය යුත්තේ කුමක්ද? මෙවැනි දේවල් ලෝකයේ ඇති වන බව අපි අවබෝද කර ගැනීමයි. එම අවබෝදය තුලින් යම් තාක් දුරට මෙම විපත් වලින් අපට මිදීමට පුළුවන.
මේ අනිත්‍ය ස්වභාවය එක් ජාතියකට , ආගමකට , රටකට ආදී වශයෙන් වෙනස් වන්නේ නැත. සියලු දෙනාට පොදුය. සියලූම වස්තූන්ට පොදුය. සියලූම පරිසරයන්ට පොදුය. මෙවැනි විෂයන් ගැන අප සියුම්ව කල්පනා කල යුතුය. අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය. ඔබේ ආගම මෙවැනි සත්‍ය වටහා ගැනීමට බාධාවක් නොවේ. ඔබ කල යුත්තේ ඔබ තුලින් පරිසරය තුලින් වෙනස් වීම් තුලින් මේවා අවබෝධ කර ගැනීමයි. එවිට කම්පා වීමකින් තොරව අපි මේ ජීවත් වෙන සුළු කාලය සතුටින් ගෙවා දැමීමට හැකි වෙනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment