Thursday, June 8, 2017

සොදුරුයි සොබාදහම


සොදුරුය සොබාදහම, සරලය සොබාදහම, වේගවත් නැත සොබාදහම, නිසලයි සොබාදහම, නමුත් අද මිනිසා වේගවත් වී ඇත. සංකීර්ණ වී ඇත. කුරිරු වී ඇත. මෙහි මා දකින වෙනසක් ඇත. මේ වෙනස අවබෝධ කර දීමට මේ පිටුව පුරාම මට සිත් වී ඇත. මා හට නැගෙන සිතුවිලි සමාජයේ අනෙක් අයට වටිනාකමක් තිබේ නම්, එයින් ප්‍රයෝජනයක් ගනු ඇත. මිනිසා සොබාදහම තුලින් ඈත් වීම තුලින් ඔහු මහත් පීඩාවකට පත්  වී ඇත. එය හරිම අවාසනාවකි. මිනිසා දැඩි දුකකට පත් වී ඇත.

මිනිසාගේ ශරීරය හරිම ශක්තිමත්ය. එය එසේ වී ඇත්තේ, සොබාදහම ශරීරය තුල පවතින නිසාය. මේ සොබාදහමේ සොදුරු නිර්මාණයට අද මමත්වය ශක්තිමත් වීම නිසා මහා විශාල විෂ ගොඩක් එකතු වී ඇත. එනිසාම ශරීරය දුර්වල තත්වයට පත් වී ඇත. ලෙඩ වලින් අඩුවක් නැත. ඔබ කල යුත්තේ කුමක්ද? ඔබේ සිත තුල ඇති මේ විෂ ටිකෙන් ටික අයින් කර ගැනීමට උත්සාහ කිරීමයි. එවිට සොබාදහමේ නිර්මාණ කරුවා ඔබව අයිති කර ගනු ඇත.

හේතු ඵල දහම අනුව දැන් සොබාදහමේ අපි ප්‍රිය කරන ගුණාංග අප තුලට ගලා එනු ඇත. ඔබ ලස්සන වනු ඇත. ප්‍රියමනාප වෙනු ඇත. බුද්ධිමත් වෙනු ඇත. ඔබට මහත් සැනසිලිදායක ජීවිතයක් නිරන්තරයෙන් ලැබෙනු ඇත.

1 comment:

  1. බුදුදහමට අනුව සොබාදහම පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගනිමින් සරල දිවි පැවැත්මකට අප හුරු පුරුදු විය යුතුය. සොබාදහමේ සුන්දරත්වය වෙනස් නොකොට ඒ අයුරින් සෞන්දර්ය වින්දනය කර ගැනීමේ මානසික දියුණුවක් ඇති කරගත යුතුය. සොබාදහම ආත්මාර්ථකාමීව ප්‍රයෝජනයට ගැනීම නොව සමස්ත සමාජයට ම උරුම වූ දෙයක් බව අවබෝධ කරගෙන පිවිතුරු සිතින් සොබාදහමේ සුන්දරත්වය අත්විඳින විට නිරතුරුව සොබාදහම අපගේ මිතුරෙකු වෙයි.එසේ වූ විට සොබාදහම වඩවඩාත් හොඳින් සුරක්ෂිත වන්නේය. පරිසරය ගොඩනැගෙන්නක් විනා ගොඩනැගිය යුත්තක් නොවන බව සිත්හි තබා ගනිමු.

    ReplyDelete