Friday, June 9, 2017
කුණු ගොඩට යට වූ මිනිසා
මෑත කාලයේ මුළු ලෝකයේම මිනිසුන් විසින් බැහැර කරන කසල, ප්රශ්නයක් බවට පත් වී ඇත. සමහර දියුණු යයි සම්මත රටවල්, මෙම කසල යම් ප්රමාණයක් නැවත ප්රතිචක්තීකරණය කරමින් එම ප්රශ්නය දැනට ප්රශ්නයක් නොවන ආකාරයට පාලනය කරගනු ලබයි. නමුත් කුඩා සහ නොදියුණු රටවල් වලට මෙය විශාල ප්රශ්නයක්ව පවතී. මෙවැනි ප්රශ්න අතීතයේදී මිනිසාට එතරම්ම ප්රශ්නයක් වී නොමැත. දැන් අප විසින් කරන්නේ ඇති වී ඇති ඵලයට එක එක පිළියම් යෙදීමයි. මෙහි හේතුවට පිළියම් යෙදීමක් තවම දැනෙන ආකාරයට අරගෙන නොමැති බව අපට පෙනී යයි.
මිනිසාගේ පහසුව පිණිස සියලුම ඇසිරුම් සදහා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන යෙදීම නිසා මෙම ප්රශ්නය සෑහෙන උග්ර අතට පත් වී ඇත. දිරාපත් වෙන කඩදාසි යොදා ගන්නේ නම් මෙම ප්රශ්නය හරි අඩකින් පමණ අඩුකර ගත හැකි වෙනු ඇත.
අපිට මෙම සිද්ධිය භෞතිකව මෙසේ පෙනුනත් මෙයින් අපට අධ්යාත්මිකවද පාඩමක් උගත හැකිය.
අද වැඩි හරියක් මිනිසාගේ මනසට එකතු කරගෙන ඇත්තේ, දිරාපත් නොවන කුණු ගොදවල්ය. මෙම කුණු දවසින් දවස, මනස තුල තව තවත් ගොඩ ගැසේ. මනස තුල කුණු ගොඩ ගැසීම නිසාම මනසේ ඇති සොබාදහම විනාශ වී ඇත. මේ නිසාම මිනිසාගේ මනස කුණු කන්දකින් යට වී ඇත.
සිතන්න, අපි මේ කුණු කවදා සුද්ද කර ගන්නද? මේ මනස තුල කුණු එකතු වීම නිසා සීලය මිනිසාගෙන් ඈත් වී ඇත. සීලයෙන් මිනිසා දුරස් වීම නිසා ඔවුන් දැඩි පීඩාවන්ට ලක් වී ඇත. මෙහි පලයන්ට එක් එක් උත්තර සොයන අය නැතුවාම නොවෙයි. නමුත් බහුතරක් මිනිසාගේ හික්මීම සහ සීලය වර්ධනය කර ගත් විට කුණු කන්දට යට වූ මිනිසුන් නැවත කුණු කන්දෙන් නැගී සිටිනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment