Thursday, June 8, 2017
ගං වතුර පාලනයට මගක්
අපි මුලින්ම ඈත අතීතයේදී මිනිසුන් ගංගා ආශ්‍රිතව පදිංචි වූයේ ඇයිදැයි බලමු. මවුන් ගංගා ආශ්‍රිතව පදිංචි වූයේ, කෘෂිකාර්මික ශශ්‍රීකත්වය ගංගා ආශ්‍රිතව පැවතීමත්, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් පහසුවෙන් කර ගැනීමට ඇති හැකියාවත් නිසයි. මුල් යුගයේදී, ඔවුන්ගේ කෘෂිකර්මාන්තය ඉතා ශශ්‍රීකත්වයෙන් පැවතුනි. මෙසේ කාලයක් ගත විය. ඒ සොදුරු මිනිසුන්ගේ සිත් තුලට ටිකෙන් ටික තන්හාව ගලා එන්නට විය.
ඔවුන් කලේ කුමක්ද? කෘෂිකර්මාන්තය වෙනුවෙන් පස් බුරුල් වන රසායන සතුන් විනාශ වන රසායන යොදන්නට විය. මෙසේ කාලය ගත වෙද්දී ගංගා ආශ්‍රිත ප්‍රදේශ, ගං ඉවුරු බොහෝ සෙයින් සෝදා පාලුවට ලක් වන්නට විය. ඔබ මොහොතක් සිතන්න, සොබාදහමට අභියෝග කිරීම කොතරම් පීඩාකාරී ලෙස බලපානවාද කියා. මෙම ගංගා වන්ගේ වයස අපට තීරණය කල හැකිද? නමුත් අපේ වයස ගංගාවේ වයසින් අල්පයි. අප එරෙහි වන්නේ කාටද?
ගංගා ගලා බසින විට හරිම සුන්දරයි. ගංගාවක් මුහුදට වැටෙන්න කලින් තවත් පොඩි පොඩි අතු ගංගා එහි සුදරත්වය තවත් වැඩි කරයි. ඒ ආශ්‍රිතව වැඩෙන ගස් වැල් පරිසරයට සුදරත්වයක් ගෙනෙයි. නමුත් මිනිසාගේ තන්හාව ක්‍රමක්‍රමයෙන් තව දුරටත් වැඩි වෙන්නට විය. මොහු සංවර්ධනය යන වචනයෙන්ම හදුන්වන්නේ බොහෝ සෙයින් පරිසරය විකුර්ති කිරීම මයි. මානසික සංවර්ධනය මොහු අමතක කර දමයි. තන්හාව වැඩි වෙන විට මිනිසාගේ සිත තුලට ඉතා වේගයෙන් ද්වේශය ගලාගෙන එයි. ඊට පසු දැන් ගංගා ආශ්‍රිතව සිටින අය එකිනෙකා අතර තරගයක්ද පටන් ගනී.
දැන් ඔවුන්ට මුල් යුගයේ සියල්ල අමතකය. කෘෂිකර්මාන්තයට ලැබුණු පසුකම් අමතක කරමින් මමත්වය තනි තනියෙන් පෙන්නුම් කිරීමට පෙලබෙයි. එකිනෙකා පරයමින් අනෙකා ඉදිරියට එන්නට සැරසේ. මෙම සොබාදහමේ නිර්මාණයන් එළිපෙහෙළි කරමින් එම අතුපතර විහිදී ඇති කුඩා ජල ප්‍රදේශ ගොඩ කරමින් ඔවුන්ට අවැසි ලෙස පරිසරය වෙනස් කිරීමට සැරසෙයි. මෙය කල හැකිද සිතන්න. ඔබ ඔබේ ශරීරය දෙසට මොහොතක් හැරෙන්න. සොබාදහම ඔබේ ශරීරයයි. ඔබ ඔබට අවශ්‍ය ලෙස ඔබේ ශරීරයේ යම් කොටසක් වෙනස් කිරීමට ගිය හොත් එය පවතින්නේ කොතරම් කාලයක්ද යන්න සිතා බලන්න. එය තවත් විකුර්තියක් වෙන හැටි නිරීක්ෂණය කරන්න. වටපිටාවේ ඇති සියලුම දෙයද එලෙසමය. සමහර විට මෙම සොබාදහමට අභියෝග කරන තීන්දු තීරණ ගන්නේ, ඉතා සුළු පිරිසක් විය හැකියි. නමුත් එයින් පීඩාවට පත් වෙන සෝකයට පත් වෙන විරිස අති විශාලය.
ඔබ මොහොතක් සිතා බලන්න. මෙම තන්හාව නමැති දර්මතාවය කොතරම් භයානකද? මෙම සිද්ධීන් අපි පිටින් දකින්නේ මහා වැස්සක් වැටුනා වෙන කවදාවත් නැති විදිහට කියාය. නැත, මීට ප්‍රථම මෙවැනි වැසි ඕනා තරම් වැටී ඇත. සොබාදහම මෙම වැසි වතුර ගම්බිම් සරුසාර කරමින් ඉතා සාමකාමීව මුහුදට ගෙනගොස් ඇත.
මෑතකදී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඇති වූ ගංවතුර ගැන මොහොතක් මෙනෙහි කරන්න, ගැබුරින් මෙනෙහි කරන්න. පසුගිය ආසන්න කාලය දෙසට මොහොතක් සිත යොමු කරන්න. මිනිසා සොබාදහමට කොතරම් අභෝයෝග කර ඇත්ද. තන්හාවේ කෙලවර වන්නේ කුමක්ද? එය දුකමය. ඔබ ඒ දුක අත්විදින්න ඇති. දකින්න ඇති. ඔබ ආසාවෙන් එකිනෙකා අතර තරග කරමින් එකතු කර ගත් ඉදි කල දේ නැති වී යන්නට ගත වූයේ කිනම් කාලයක්ද. සිතන්න, ඔබ ධර්මය දෙසට හැරෙන්න, දර්ශනය දෙසට කිමිදෙන්න, සමහරවිට මීට වගකිව යුත්තේ ඔබ නොවන්නට් පුළුවන්, නමුත් ඔබ ඊට වන්දි ගෙවන්නෙක් වී ඇත.
නමුත් අපි දැන් සිතමු, සොදුරු වූ සොබාදහමට , සාධාරණ වූ සොබාදහමට අභියෝග කල හොත් අපිට අත් වෙන ඉරණම ගැන. ඔබගේ සිත පාලනය කර ගන්න, එවිට ගං වතුර ක්‍රමයෙන් පාලනය වෙනු ඇත.
Labels:
Nature
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment