Wednesday, June 14, 2017

යෞවනත්වය සොබාදහමට ලං කරමු



ලොව පවතින සංකීර්ණ තත්වය නිසා යෞවන ජිවිතද මිල මුදල් වලට විකිණිමට සිදු වීම ඉතාම කේදනීයයි.අද ඔවුන් ඉදිරි අනාගතය වෙනුවෙන් මවා ගන්නා විශාල වැඩ කොටසක් බොහෝ තරුණ තරුණියන්ට ඉතිරි වී ඇත.මීට හේතුව කුමක් ද? ඇත්තේන්ම ආසාවන්ට ඉඩ දීමයි.ඔවුන් අද ජීවිතයේ ගුණාත්මක බවින් මිදෙමින්, බාහිර ලෝකයට පෙනෙන ආකාරයේ වැඩ වලට ආකර්ශණය වෙමින් තිබේ.ඊට සරිලන සමාජයක් ද නිර්මානය වෙමින් ඇත.අද තරුණ ජීවිතයන්ගේ විවාහය ගැන සිතන්න.ඔවුන් මුලටම ගන්නේ කුමක් ද? විඩියෝ දර්ශන සෑදීම හා ඇල්බම් සෑදීමයි.ඊට පසු විවාහ දිනයේ මත්පැන් සාද පැවැත් වීමයි.එදිනට ඔවුන්ට ආගමික පසුබිම අමතක වී යයි.මේ සඳහා ඔවුන්ට විශාල මුදල් ප්‍රමානයක් වැය කිරිමට සිදුවේයි.

            සමහර යෞවනයන් දෙමාපියන්ට මේ සියලුම බර පැටවීමට පෙළබෙයි.සමහර අය මේ සඳහා විශාල මුදල් ප්‍රමානයක් ණය විමට ද පෙලඹෙයි.මොහොතක් සිතා බලන්න.මේ සියලු දෙයින්ම සිදු වෙන්නේ, ඔවුන් ප්‍රර්ථනා කරන නිදහස් ජිවිතයට වැට කඩලු වැටීමයි.සමහර විට විවාහා වී පළමු දරුවා ලැබෙන තුරුම ණය වෙනුවෙන් වෙහෙසිමට සිදුවන අවස්ථා ද නැතුවා ම නොවේ.අපි බාහිර දේවල් වලට මොන තරම් විය පැහැදම් කලත් විවාහයේ ඇත්ත යථාර්ථය තේරුම් ගතහොත් මෙයින් අපට මිදිමට පුළුවන.

            විවාහය සේම අද යෞවනයන්ට රැකියාවක් කිරිමට යාමේ දී විශාල වියදම් ප්‍රමානයක් කිරිමට පෙළබීම නිසාවෙන් ඔවුන් අසහනකාරි තත්වයනට පත් වී ඇත.ඇතැම් පාසල් ළමුන් පවා මේ තත්වයට ගොදුරු වෙමින් පවතී.

            අද වෙළෙඳපල ආර්ථිකයේ ඇති බිහිසුණු බවට යෞවනයන් ගොදුරු වී ඇත.යෞවනයේ සොදුරු බව වෙළෙඳපල ආර්ථිකය විසින් උදුරාගෙන ඇත.

            මේ සියල්ල අපි බුද්ධියෙන් වටහා ගත යුතුයි.වැඩිහිටි අයට විශාල වගකිමක් ඇත.යෞවනයන් ද බුද්ධියට ඉඩ දිය යුතුය.බාහිර ලෝකයෙන් දෙනු ලබන සියළුම දෙය ඔවුන් ග්‍රහනය කර ගත යුතු නැත.ඉවසිමෙන් මේවා සඳහා පාලනයක් ඇති කර ගත යුතුයි.ලද දෙයින් සතුටු විම,තමුන්ට තිබෙන ප්‍රමානයෙන් වියදම් කිරිම,චාම් බව,සරල බව, මේ ගැන හොදින් සිතිය යුතුය.බාහිර අලංකාරය අවශ්‍යව ඇත.නමුත් එහි පැවැත්ම ගැන සිතිය යුතුය.ඒවා පවතින කාලය අනුව වියදම් සිමා කර ගත යුතුය.

            යෞවනයේ සුන්දරත්වය යනු, මිනිස් සමාජයේ ම සුන්දරත්වයයි. ඔවුනගේ ජිවිත අදුරු වනවාත් සමඟම මුළු මිනිස් සමාජයේ ම අනාගතය අඳුරු අතට හැරිමට පුළුවන.යෞවන ඔබ බුදු දහමේ ඇති පැහැදිලි කිරිම් හොදින් ග්‍රහනය කර ගනිමින්.ඒවා ක්‍රියාවට නන්වා ගනිමින්, යෞවනත්වයේ සුන්දරත්වය හොදින් විදිමට පුරුදුවන්න.ඒ සඳහා සොබාදහම ඔබට හොදින් පහසුකම් සලස්වනු ඇත.

No comments:

Post a Comment