Monday, June 12, 2017
සෙල්ෆි මාරයාගෙන් බේරෙමු!
මිතුරන් කිහිප දෙනෙකු හමු වූ විට, සෙල්ෆි ගැසීම දැන් විලාසිතාවක් වී ඇත. එයට තැනක් නොතැනක් නැත. කදු මුදුන් වල, ගංගා මැද සිට, මුහුදු වෙරළේ සිට, දුම්රිය මාර්ගයේ සිටද, සෙල්ෆි ගැසීම දැන් සුලභව දැකීමට පුළුවන. මෙය හරිම විනෝදජනකය. සිත පිනවීමට හොදම මාර්ගයකි. ඇසද පිනා යයි. නමුත්, මෙයින් ජීවිත කොතරම් හානි වී ඇත්ද? ඉදිරියට කොතරම් ජීවිත අහිමි වෙයිද? මේ ජීවිත වලට වගකිවයුතු කිසිම කෙනෙක් නොමැත.
දැන් සමාජයේ සිටින අය ජංගම දුරකථනයට දොස් පවරනු ඇත. එය තහනම් කිරීමට යෝජනා කරනු ඇත. එහි නිෂ්පාදකයාට දොස් පවරනු ඇත. පෙනෙන ඇත්ත මෙය නේද? නමුත් ඔබ මෙහි යතා තත්වය මොහොතක් සිතා බැලුවාද?
ඔබ ආගම් වල ඇති ගාථා මහත් උස් හඩින් ලස්සනට ගායනා කරයි. විදුලි බුබුළු ලක්ෂ ගණන් දකිමින් ඇස පිනවීම කරයි. නමුත් මේ කිසිවක් එයින් ඔබට අවබෝධ වී නොමැති බව පසුගිය කාලය පුරාවට අපට දැනේ. මුඛය වසා ගන්න. ඇස් පියා ගන්න මොහොතක් සිතන්න.
දුම්රිය මාර්ග වල සිට මේ තරුණ අය කරන්නේ කුමුක්ද? ඇස සහ සිත පිනවීමට උත්සාහ කිරීමයි. ඇස පිනවීමේ සීමාවක් ඔබ සොයා ගෙන තිබේද? සිත පිනවීමේ සීමාවක් ඔබ සොයාගෙන තිබේද? කොහෙවත් නැත. ඔබ කල යුත්තේ, ඔබම පාලනයක් ඇතිකර ගැනීමයි. ඔබ ඔය ගන්නා චායාරූපයේ මතුපිට සොයන්න නොව ඇතුලාන්තය දකින්න පුරුදු වන්න. එවිට ඔබව අවිද්‍යාවෙන් විද්‍යාවට රැගෙන යනු ඇත. ජීවිත වල ආරක්ෂාව රැකෙනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment