Saturday, June 10, 2017
මිනිසුන් ඝාතනය කිරීම
අද ලෝකයේ ඇති ප්රධාන ප්රශ්නයක් වන්නේ ස්වාභාවදර්මය විසින් නිර්මාණය කර අප වෙත දායාද කර ඇති එළවලු සහ පලතුරු වලට වස විස යෙදීමයි. මෙම වස විෂ යෙදීම, යොදන්නා නොහිතුවත් වක්රාකාරව ඔහු විසින්, මිනිස් ඝාතනයකට වග කිවයුතුමය. එසේ නම් එය සත්ව ඝාතනයකි.
අප මුලින්ම ශ්රී ලංකාව තුල අඹ ගසක හැදෙන ගෙඩියක් ගෙන බලමු. මෙය සොබාදහම තුලින් අපට දී ඇති ඉතාම මිහිරි පලතුරකි. අඹ නමින් මෙම පලතුරු ගෙඩිය අප හැදින්වුවත් මෙහි ඇතුලත එක එක වර්ණයන් ඇත, රසයන් විවිදය, හැඩයන්ගේ වෙනස්කම් ඇත. ලොකු පොඩි වශයෙන් වෙනස් වීම් ඇත. නමුත් මේ එකම අඹ නමැති පලතුරු ගෙඩියයි. මෙය අප කල දෙයක්ද? නැත.
බොහෝ විට අඹ ගස පොහොර යෙදීමකින් තොරව බොහොම නිදහසේ වැවෙන ගසකි. මෙහි ඇති වන ඵලය සෑදීමට අපගේ කිසිම බලපෑමක් නොමැති තරම්ය. මෙය ස්වභාවධර්මය විසින්ම අපට දී ඇති සුන්දර දායාදයකි.
නමුත් සිද්ධිය වන්නේ මීට පසුවය. මෙය යම් කිසි කාලයක් ගොසින් හොදින් පැසුණු පසු, ඉදවා දීමට පෙර, මිනිසුන් විසින් මෙම අඹ ගෙඩි කඩා, නා නා විධ වස විෂ යොදති. මෙසේ කරන්නනේ ඇයි? වැරදි ලෙස මුදල් සෙවීමේ පරමාර්ථයෙනි. ඔවුන්ට මේ බව මතක් වන්නේ නැත. මේ පලතුරු කෑමට ගන්න මිනිසුන්ට වස විෂ එකතු වීම නිසා ලෙඩ රෝග සෑදී, එම මිනිසුන් මරණය කරා ලගා වන බව. මෙය දවසකින් දෙකකින් සිදු වන්නක් නොව දීර්ග කාලයකින් සිදු වන්නක් විය හැකිය. මා මේ පෙන්වා දෙන්නේ, එක් පලතුරකට සිදු වෙන දෙය පමණි. මෙසේ, කෙසෙල්, ගස්ලබු, ආදී අනෙකුත් පලතුරු වලටද මෙසේමය. එළවලු වර්ග වලටත් මේ දේ කරනු ලබයි.
කුමන ආගමක් ඇදහුවත්, කුමන දර්ශනයක සිටියත් ඒ ඒ ආගම් වලින් පෙන්වා දී ඇති සිල් පදයක් ඔවුන් අතින් මේ නිසා අනිවාර්යයෙන්ම බිදී යයි. එය සත්ව ඝාතනය යන සිල් පදයයි.
අද අප සමාජයේ ලෙඩ රෝග බහුල වෙමින් පවතී. අප මෙතෙක් නොඇසූ ලෙඩ රෝගද මේ අතර වේ. මෙසේ සිදු වන්නේ ඇයි? මිනිසාගේ ශරීරය තුලට නා නා විද වස විෂ එකතු වීම තුලින් යයි සිතිය හැක. මෙවැනි වැඩ කරන්නා වූ මනස තුලට විෂ එකතු වීමෙන් යැයිද, අපට සිතිය හැක.
මිනිසුන් ජීවත් විය යුතුය. වෙලදාම්ද කල යුතුය. ලාබයක්ද ලැබිය යුතුය. නමුත් එය සාධාරණ විය යුතුය. අද ලොව වෙසෙන මිනිසුන් තන්හාව නමැති කොහොල්ලෑ ගුලියට ඇලෙමින් පෙරෙලෙමින් ගමක් කරමින් සිටිති. ඔවුන්ට, කිසිදා ගැලවීමක් නොමැති තරම්ය. වැඩි ප්රමාණයක්, බෞද්ධයින් යැයි, නාමිකව කියා ගන්නා ශ්රී ලංකාව තුලද සිදු වන්නේ මෙවැනි දේවල්මය. එය අවාසනාවකි.
ඔබ මොහොතක් සිතන්න, ඔබට සොබාවධර්මයට අභියෝග කිරීමට අයිතියක් නැත. ඔබ ඔබටම අයිතියක් නැති ශරීරයකට අයිතියක් දරමින් මේ කරන්නා වූ අපරාදයන් සාධාරණද? බුද්ධියට ඉඩ දෙන්න. සොබාධර්මයේ නිර්මාණයන්ට හානි නොකරන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment