Tuesday, June 13, 2017

සොබාදහම වින්දනය කිරීම


මිනිසාට වින්දනය කිරීම සදහා ලෝකය පුරාම විවිධ සොබාදහමේ නිරම්මනයන් සැලසී ඇත. නමුත් ඒ කිසිවක් එක් එක් ජාතීන්ගේ, රටවල්වල අයිතීන් නොවන බව අප සිතිය යුතුය. සමහර සොබාදහමේ නිර්මාණයන් ලෝක උරුමයන් ලෙසද නම් කර ඇත.

මුලින්ම කල යුත්තේ කුමක්ද? තමා තුල තම මනස තුල යහපත් වූ සොබාදහමක් නිර්මාණය කර ගැනීමයි. එසේ නොවුනහොත් අද සිදු වන්නා සේ සොබාදහමේ ඇති සුන්දර ස්ථාන කෙලෙසීමට මිනිසා පෙලබෙයි. අද මේ ස්ථාන වල සිදු වන සමාජ විරෝදී ක්‍රියා කොපමණක්ද, අපවිත්‍ර කිරීම්, එම ස්ථානයේ පරිසරය දූෂණය කිරීම් කොපමණද, මෙවැනි ස්ථාන දිවි හිමියෙන් රකින මිනිසුන්ද නැතුවා නොවෙයි.

අද මිනිසුන් සොබාදහම ස්පර්ශ කර ගැනීමට අසමත් වීම තුල, විවිධ ලෙස රෝග වලින් එලෙමින් අසහනකාරී තත්වයට පත්ව ඇත. ඔවුන් කල යුත්තේ, මෙම ස්ථාන නරබමින් තම ඇතුලාන්තය ශාන්ත බවට පෙරලා ගැනීමයි. එවිට ඔබේ මුළු ශරීරයම සැහැල්ලුවට පත් වේවි. හැකිතාක් සොබාදහමට  ලං වන්න. සහනය ලගා කර ගන්න.

No comments:

Post a Comment