Tuesday, June 13, 2017

පාරට බසිමුද ? පාරට වැටෙමුද?



අද ලොව පුරාම පාලනය කරන රජයන්ට එරෙහි උද්ගෝෂණ  රැල්ලක් ඇතිවෙමින් තිබේ. මෙම උද්ගෝෂණයන් සියල්ලම පාරට පැමිණ ඇත. උද්ගෝෂණයන් කරන අය පවසන්නේ පාලනය කරන අය ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීම නිසා එම උද්ගෝසන වලට පෙලෙබෙන බවයි. පාලකයන් පවසන්නේ එම ප්‍රශ්න නිරාකරණය කරන තුරු ඔවුන් ඉවසිලි වන්ත නොවන බවයි.රටක උගතුන් බුද්ධිමතුන් යැයි පිරිසක් සිටීනම් මේ ප්‍රස්නදෙස බැලිය යුත්තේ කෙසේද ? .

අද උද්ගෝෂණ අප විශ්වවිද්‍යාල පද්දතිය දෙස බලමු ,ඔවුන් වැඩි කාලයක් යොදන්නේ          උද්ගෝෂණ වලටය. ඔව්න් කියන ආකාරයට මෙම ප්‍රශ්න උද්ගෝෂණ වලින් විසදුවේ නම් මීට පෙර  විශ්වවිද්‍යාලවල උද්ගෝෂණ තිබුනේ නැද්ද ?එසේනම් එම ප්‍රශ්න දැන් විසදී තිබිය යුතුය.  මෙවැනි ප්‍රශ්න වල යථා ස්වබාවය ඔව්න්ට අවබෝද වී නොමැත .ප්‍රශ්නය ඇත්තේ ඔව්න් තුලමය.ඔව්න් දැන් ප්‍රශ්නවලින් වින්දනයක් ලබන ආකාරයක් එම  උද්ගෝෂණ මාද්‍ය තුලින් දකින අපට පෙනේ .කදුළු ගැස් ප්‍රහාර ලෑස්තිකර ඇති බව දකිමින් ඉදිරියට යන්නේ ඒවා ක්‍රියාත්මක කර ගැනීමට නොවේද?
           
මෙවැනි උද්ගෝෂණ වලින් තුන්වෙනි පාර්ශවයට ඇති වන පිඩාව ඔව්න් මොහොතකටවත් හිතනවද?ප්‍රදාන නගරවල වාහන තදබදය නිසා අනවශ්‍ය ඉන්දන දහනයෙන් රටේ ආර්ථිකයට මොනතරම් හානියක් වනවාද?මේ මුදල් අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පියවීමට සිදු නොවන්නේද? සමහරවිට අම්ම තාත්තා ගෙදර එන තෙක් බලාගෙන සිටින කුඩා දරුවන් සිටීමට පුළුවන, දෙමාපියන් පරක්කු වන විට එම දරුවන්ගේ මානසිකත්වය ගැන සිතන්නේද?නැත මෙවැනි ක්‍රියාවල යෙදෙන ඇය සහ  යොදවන අය සිතන්නේ ඔවුන් ගැන පමණකි. එම උද්ගෝෂණ වල ප්‍රධාන භූමිකාවල යෙදුනු අය සමාජගත වූ විට ඇති වී තත්වය හොදින් පෙනෙන්නට තිබේ.

විශ්වවිද්‍යාල වලින් කල යුත්තේ ශිෂ්‍යයන්ගේ මානසික මට්ටම සහ ඔවුන්ගේ බුද්ධි මට්ටම දියුණු කිරීමයි. එසේ නම් ඔවුන් සමාජගත වූ විට මේ සමාජයට ඇති විශාල සේවයක් හොද ජවයකින් කල යුතුය. එසේ සිදු වන්නේ ඔවුන්ගේ ස්වයං බුද්ධියෙන් කරන නිර්මාණ තුලින්ය. අතීතයේ සිට විශ්වවිද්‍යාල වල මෙම ප්‍රශ්නය විසදා තිබිය යුතුය. එසේ විසදී ඇති එක ප්‍රශ්නයක් ගැන සිතන්න. මෙම පෙළපාලි වල ඉදිරියෙන්ම යන ස්වාමීන් වහන්සේලා සරසවි ජීවිතයෙන් පසු පන්සල් වලට ගොස් බන භාවනා කල යුතුයි නේද? ඔබේ හදවතට එකගව භාවනාවකින් අයෙක් සමාධිගත කරන්නේ කෙසේද? පෙළපාලි වල ඔබ වහන්සේලා පසුපසින් එන සියලුම දෙනාට බුද්ධිය ලබා දිය යුත්තේ ඔබ වහන්සේලාමය. මේ ගැන හොදින් මෙනෙහි කරන්න.

තරුණ ඔබ මොහොතක් සිතන්න. බුද්ධියට ඉඩ දෙන්න. ලොව ප්‍රශ්න ඉවර වෙන දිනයක් නොමැත. ඔබගේ සිත තුල ඇති ප්‍රශ්න දෙස බලන්න. පන්චේන්ද්රියන්ගෙන් එන සංඥා පාලනය කර ගන්න. ඔබටම ඔබ සෑහීමකට පත් වන්න. රාග ද්වේශ මෝහ වලින් ඔබේ සිත ටිකෙන් ටික ඉවත් කර ගන්න. මේ ශ්‍රී ලංකාව තුල ඇති සුපිරිසිදු බුද්ධ දර්ශනයේ ප්‍රයෝජනය හොදින් ලබා ගන්න. සරල වන්න. එවිට ඔබටම ඔබ ප්‍රියජනක කෙනෙකු වනවා ඇත.

සොබාදහම කැලබිලි සහගත නැත. නිසලය. ඔබ ඔය ගැටුම් හරහා සොබාදහමට එරෙහි වනු ඇත. එසේ කිරීම තුලින් විශ්ව ශක්තීන් ඔබෙන් දුරස් වනු ඇත. මේ ගැන ඔබ බුද්ධිමත්ව සිතන්න. ඔබ හැදුනු විට ඒ සමග මුළු ලෝකයම නිවැරදි වනු ඇත.

No comments:

Post a Comment