Monday, June 12, 2017

ජාතිවාදයේ ගිනිදැල්



අද ලෝකය පුරාම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය නිසා එකිනෙකා අතර යුද්ධ කල කෝලාහල පැතිරෙමින් පවතී. ඒ නිසා විනාශයට පත් වූවන්ද අපමණය, විනාශ වූ දේපලද අපමණය. දුගී බාවයට ගිය රටවල්ද අපමණය. මෙසේ වීමට හේතුව කුමක්ද? අපි එහි මුලටම ගමන් කරමු.

අපි එක් එක් භාෂාවන් කතා කරන්නෙමු. නමුත් භාෂාවක් අපි පරිශීලනය කරන්නේ අප තුල ඇති අදහස් හුවමාරු කර ගැනීමට මිස වෙනත් දෙයක් නිසා නොවේ. ලෝකයේ කිසිම භාෂාවක් ශ්‍රේණි ගත කිරීමට නොහැක. ඉංග්‍රීසි භාෂාව වැඩියෙන් පාවිච්චි කරන්නේ යටත් විජිත භාවයන් නිසාය. ලොව ඇත්තේ එකම ජාතියකි. ඒ මිනිස් ජාතියයි. ලොව ඇත්තේ එකම ආගමකි. එය මිනිසා ජීවත් කරවීමේ ආගමයි. ලොව ඇත්තේ එකම කුලයකි. ඒ මිනිස් කුලයයි.

එසේ නම් මේ බෙදීම් නිර්මාණය වී ඇත්තේ කොතනකින්ද? මොහොතක් අපි එය විශ්ලේශයන කර බලමු. මොනයම්ම හෝ බෙද්දෙමක් පටන් ගන්නේ එක් පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙනය. එසේ නම් ඒ පුද්ගලයාගේ කුමන මානසික ස්වභාවයක් නිසාද යැයි බලමු. මමය මාගේය යන ස්වභාවය නිසාමය. ඔහුට මෙමෙ ස්වභාවය ජය ගැනීමේ දැඩි උවමනාවක් නිර්මාණය වෙයි. මමත්වය උත්සන්න වෙන්න වෙන්නම ඔහු මේ ලෝකය උවද වීනාශ කිරීමේ ස්වභාවය පැමිණේ. ඔහු, අවිද්‍යාවේ ගිලී යයි.

ඊට පසු, වන්නේ කුමක්ද? එම මමත්වයෙන් පිරිණු මිනිසා වටා තවත් පිරිසක් එකතු වේ. ඔවුන් සියලු දෙනාම ඇත්තේ ඒ මානසික ස්වාභාවයෙන්මය. ඒ ස්වභාවය නොමැති අයත් අවිද්‍යාව මෝහය නිසා මේ සමග එකතු වෙයි. දැන් භාෂාවන් කේන්ද්‍ර කරගෙන මෙම මමත්වය ගොඩ නැගෙයි. මේ ලෝකය ඕනෑම මිනිසෙකුට සැප කෙලවර දුකත් දුක කෙලවර සැපත් ඒ ඒ ආකාරයෙන් ලැබේ. බුද්ධ ධර්මයට අනුව, එය අෂ්ටලෝක ධර්මය වශයෙන් හදුන්වයි. මෙම පැමිණෙන දුක, මමත්වයට එකතු කරමින් ඔවුන්ට විතරක් පැමිණෙන ප්‍රශ්නයක් යයි සිතමින් අනෙක් පාලනයන්ට එරෙහිව කැරලි ගැසීමට පෙලබෙයි. මෙය වර්ණය අනුව, භාෂාවන් අනුව රටවල් අනුව, විශාල යුද්ධ ලෙසද පවතී. මේ යුද්ධ නිසා ලොව කිසිම මිනිස් වර්ගයකට හෝ කොටසකට විමුක්තියක් ලැබෙන්නේ නැත. ලැබුනේද නැත. මිරිගුවක් පසුපස යාමක් පමණි.

ශ්‍රී ලංකාව තුලද මෙවැනිම ප්‍රශ්නයක් පසුගිය කාලය පුරාම පැවතුනි. මෙයින් ජය ගත් කෙනෙක් නොමැත. සිදු වූයේ, ජීවිත හා දේපොළ විශාල වශයෙන් විනාශ වීම හා කාලය විනාශ වීම පමණකි.

මෙවැනි ප්‍රශ්න වල ඇත්ත ස්වරූපය, කතා කිරීමට මිනිසුන් බිය වෙයි. වාසි බලාපොරොත්තුවෙන් මෙම ගිනි ඇවිලවීමට මිනිසුන් පෙලබෙයි. මේ කාලයේ වී ඇත්තේ, මිනිසුන් බුද්ධියට ඉඩ නොදීමයි. හැගීම් වලට ඉඩ දී කටයුතු කිරීමයි. පාලකයන්ද එසේමය. අප කල යුත්තේ, ආගම් තුල ඇති දර්ශනය තේරුම් ගැනීමයි. එම දර්ශනය සියුම්ව ස්පර්ශ කිරීමයි. මමත්වය මහා ගින්නකි. එයට සීමක් නොමැත. කෝටිපති ව්‍යාපාරිකයින් ගැන සිතන්න. ඔහුට කිසිදා ඇති වී ඇත්ද? නැත. තවත් මදිය. ඒ ජීවත් වීමටද? කොහෙත්ම නැත. ඔහුගේ මානසික ස්වභාවයන් එසේය. බුදු රජාණන් වහන්සේගේ දර්ශනය තුල මෙය හොදින්ම විග්‍රහ වී ඇත. මේ මමත්වයට පිටුපසින් මෝහය , තන්හාව, ද්වේශය යන මේ සියලුම ක්ලේශයන් හබාගෙන එයි. ලොව පැවතීම මේ ධර්මතාවයන් ජාතියකට ආගමකට වර්ණයකට අයත් මිනිසුන් යැයි බේදයක් නොමැත. ඒ ස්වාභාවදර්මයේ නීතියයි.

ස්වභාවධර්මයේ හැසිරීම ගැන ඔබ මොහොතක් සිතා බලන්න. ස්වභාවික විපතක් ගැන සිතන්න. මිනිසුන්ගේ වර්ණය අනුව ජාතිය අනුව භාෂාව අනුව එම විපත බෙදෙනවාද? නැත. කොහෙත්ම නැත. සියලුම දෙනාට එක සමානය. ජාතීන් අතර ඇති වෙන වාදයද ඒ හා සමානය. එයට සහබාගී උනත් නැතත්, සියලු දෙනාටම මෙහි විපාක විදීමට සිදු වනු ඇත. එසේ නම් අප කල යුත්තේ කුමක්ද? මේ ගුණ ධර්මයන් ප්‍රගුණ කිරීමයි. එම ගුණධර්ම ප්‍රගුණ කිරීමට ජාතියක් ආගමක් භාෂාවක් නොමැත. අවශ්‍යව ඇත්තේ, මේ තත්වයන්, අවබෝද කර ගත් කලණ මිතුරන්ට පමණක් ඔබ එකතු වීමයි. ජාතිවාදයේ ගිනිදැල් නිවීමට මේ අදහස් උපකාරී වේවා.

No comments:

Post a Comment