Friday, June 16, 2017
ඩෙංගු මාරාන්තිකයි
අද ඩෙංගු රෝගය මුළු ශ්‍රී ලංකාවම බිය වද්දා ඇත. මෙය ජාතික ප්‍රශනයක් බවට පත් වී ඇත. කුඩා මදුරුවකු මෙතරම් ජව සම්පන්න මිනිසාට අභියෝග කර ඇත. අද රෝහල් වල අතුරු සිදුරු නොමැතිව ඉතා විශාල රෝගී සංඛ්‍යාවක් නිසා ප්‍රතිකාර කිරීමටද අපහසු තත්වයට පත් වී ඇත. මෙයින් ශ්‍රී ලාංකීය ජාතියට අහිමි වන ජිවිත සංඛ්‍යාවද ඉතා විශාලය. මෙයට වයස් බේදයක් නැත. ජාති බේදයක් නැත. ආගම් බේදයක් නැත. පුංචි මදුරුවකු දෂ්ඨ කර සැනින් මෙවැනි අති බිහිසුණු තත්වයක් නිර්මාණය වීමට හේතුව අපි සොයා බලමු.
මෙම ලොව සියල්ල සිදුවන ධර්මතාවයක් ඇත.මෙවැනි බිහිසුණු ඵලයක් ඇති වීමට කුමක් හෝ හේතුවක් තිබිය යුතුය.අපි මේ හේතුවට විසදුම් සෙවිය යුතුය.එයට කිසිම බේදයක් නැත.දැන් අපි මේ මදුරුවා බෝ වන තැන් දෙස සොයා බලමු.අපි විසින් පරිබෝජනය කරන කුඩා භාජන ,පොලිතින් පැකට් වර්ග යන මෙවැනි දේවල් බැහැර කිරීමේ අපේ ශික්ෂණය කුමක්ද? මෙය ධර්මරාජ්‍යයක් යැයි කියා ගන්නා රටකි.නමුත් බුදුපියාණන් වහන්සේ පරිසරයේ පවිත්‍රතාවය ගැන විශාල අවධානයක් යොමුකර තිබු බව අපි අසා ඇත . අපගේ මේ පිළිවෙල සාදාගැනීමට නිවැරදි සීලයක් අවශ්‍ය වී ඇත.
මේ සීලය අපි තුලින්ම උත්පාදනය කරගත යුතුය. මේ ගන්න සීලය තුලින් විශාල මිනිසුන් ප්‍රමාණයක් සුවපත්වනු ඇත. එසේ නම් එයද භාවනාවක් වනු ඇත .මෙය සබැ මෛත්‍රී භාවනාවයි. ධර්මරාජ්යයක මෙවැනි ධර්ම අභ්‍යාසයන් ක්‍රියාත්මක කල යුතුය.මෙවැනි අභ්‍යාසයන්ගෙන් ජාතික ප්‍රශ්න විශාල ප්‍රමාණයකට පිළිතුරු සෙවිය හැක.මේ පුහුණු කිරීම් තුලින් අපි නිවැරදි ක්‍රියාත්මක ධර්ම මාර්ගයකට වැටෙනු ඇත.
සිතන්න, ධර්ම මාර්ගය යනු භාවනා කිරීම නොවේ.පුජාවන් පැවැත්වීමද, නොවේ. අපේ සිත පුහුණු කිරීමයි. එම පුහුණු කිරීම තුලින් සොභාදහමේ වෙසෙන සත්වයා නිරෝගී සුවපත් බාවයට පත් වනුඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment