Friday, June 16, 2017

මයා රස


ඔබ ආහාරයට එකතු කර ගන්නා රසකාරකයන් කොතරම්ද, කියා කල්පනා කර බලන්න. මෙහි ඇත්ත ස්වභාවය අපි බලමු. ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති විවිධ රස තිබෙන ආහාර ඇත. එළවලු පලතුරු ධාන්‍ය මේ අතර වේ. නමුත් මේවා අපි ආහාරයක් ලෙස පිළියෙළ කර ගන්න යාමේදී, වෙනාදාට වඩා අමුතුවෙන් රස කාරකයන් යෙදීමට මිනිසුන් පුරුදු වී ඇත.

අපි ආහාර ගුලියක් මුව තුලට ඇතුළු කරන වෙලාව ගැන කල්පනා කරමු. එය දිවට ස්පර්ශ වෙන්න ඉතා අල්ප වේලාවක් අපිට ඔය අලුතෙන් එකතු කල රසය දැනේ. ඒ මොහොත කොතරම් කුඩා මොහොතක්ද, නමුත් එවැනි රසායනයන් ශරීරය ඇතුලට ගිය විට එහි ක්‍රියාත්මක වීම කොතරම් දිගු කාලයක්ද, එහි ප්‍රති විපාක කොතරම් හානි කරද, ස්වභාව ධර්මය මේ හැම දෙයක්ම නිර්මාණය කර ඇත්තේ යම් රසයක් පාටක් ඇතුවමය. වී ඇත්තේ කුමක්ද, එයට අපි විරුද්ධ වීමයි රස තණ්හාව නමැති රෝගය අපට වැලදීමයි. මේ යන විදිහට නිෂ්පාදකයන්ගේ තණ්හාව නිසා ඔවුන් විවිධ රස කාරක නිපදවනු ඇත. මේ කිසිවක් ගැන අවභෝදයකින් තොරව මෙවැනි දේ පරිහරනය කිරීමට අපි පුරුදු වී සිටිමු. අවසානයේ අපි සියලු දෙනාම ලෙඩුන් බවට පත් වනු ඇත.

 මොහොතක් සිතන්න. දිවට ස්පර්ශ වන ඉතා ස්වල්ප මොහොත ගැන සිතා අපි කෙතරම් මෝඩ වී ඇත්ද, කර යුත්තේ කුමක්ද, මේ දිව නමැති ආයතනයෙන් අපට මවා දෙන රසතන්හාව භුද්දියෙන් සිහිපත් කරමින් එය ඉවත් කර ගැනීමයි. එවිට අනාගතයේදී මෙම උවදුරින් අපට ගැලවිය හැක.

No comments:

Post a Comment