හද, මන, සිත, මේ හැම වචනයකින්ම අදහස් කරන්නේ එකම දෙයකි.සිත ගැන කතා කරන පමණකින්ම අපට දැනෙන්නේ එක් ඒකකයක් එක් ආයතනයක් විදිහටය. නමුත් ඇතිවන, පවතින, නැතිවන කුඩාම ඒකක බිලියන ගානකින් සැදුනු ජල ධාරාවක් වැනි ච්ත්ත පරම්පරාවකි. ඉතා සියුම්ව බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇති, මෙම සිතේ විග්‍රහය ඉතා සරල වහරකට ඔබට ගෙනදීමට ගන්නා උත්සාහයකි.
මෙතැන් පටන් අපි මේ චිත්ත පරම්පරාවට ගංගාවක් ලෙස උපමා කරමු. එම ගංගාවට අපේ ශරීරයේ ඇස ,
කන, නාසය දිව, ශරීරය ඉන්ද්‍රියන්ගෙන් එකතු වන අපවිත්‍ර ද්‍රව්‍ය වැටීම සිදුවෙයි.එම අපවිත්‍ර ද්‍රව්‍ය නිසා මෙම
ගංගාවේ ජලය අපවිත්‍රත්වයට පත්වෙයි.එම අපවිත්‍රත්වයට පත් වීම නිසා ගංගාවේ පෝෂනයන්ද අපවිත්‍රත්වයට පත් වනු ඇත. මෙය සොබාදහමේ චක්‍රයකි.මෙම චිත්ත පරම්පරාව නමැති ගංගාව ,අපි දැඩි උත්සාහයක් කරමින් පිරිසිදු කරගත යුතුය.මේ ගංගාවට සොබාදහම තුල ගලාගෙන යාමට ඉඩහරින්න. එය දෙස බලා සිටින්න.එය ඔහේ සොබාදහම තුල ගලාගෙන යාමට ඉඩ හරින්න.මෙය නිදහසේ ඉවුරු කඩාගෙන අවහිර කරන්නේ නැතිව ගලාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න.යම්දිනක මේ ගංගාව නිදහසේ ගලාගෙන ගොස් අවසාන ඉලක්කය වන මුහුදට වැටී විශ්වය තුල නොපෙනී යනු ඇත
මෙය පුළුල් ධර්මතාවයකි.සරල කිරීමට ගත් වෑයම ඉතාමත් අපහසු කාර්යයක් බව සලකන්න . ඔබගේ නිරවුල් සිත සොබාදහමේ චක්‍රය තුල නිදහසේ තිබෙන්නට පුහුණු කරන්න.
No comments:
Post a Comment