කිසිම වග විභාහගයක් නොමැතිව විනාශ කරන වැසි වනාන්තර පස් කැපීම්, කළුගල් විනාශ කිරීම් ,ගොඩ කිරීම් ,මෙවැනි දේවල් වලින් පරිසරය කොතරම් විනාශවනවද?අපට ඇතිවන ප්‍රශ්න නම් ස්වබාවදර්මයේ මේ තිබු තත්වයන් එන්න එන්නම උග්රාතට පත්වීමයි. වර්ෂාවක් පැමිණි සැනෙකින් ජලගැල්මක් අනිවාර්යයෙන් ඇති වේ. ඉඩෝර සහිත කාලය දීර්වී ඇත.සීත කාලගුනයන් ඉවසිය නොහැකිතරමය.මෙසේ වන්නේ ඇයි ?
මේ සියලුම පාරිසරික විනාශයන්ට හේතුව මිනිසාගේ මානසික සංවර්ධනයේ ඇති අඩුපාඩු කම්ය. මිනිසුන් අද්යත්මිකව සංවර්ධනය වී නොමැත.ඔවුන් සැපසම්පත් ආශාන්වන් පසුපසම හභා යන කොටසක් බවට පත් වී ඇත. මේවා වෙනස් විය යුතුය. මිනිසාට සීලයක් තිබිය යුතුය. හික්මීමක් තිබිය යුතුය. මනසට එන හැගීම් පාලනය කර ගත යුතුය. ස්වභාව ධර්මයේ ඇති සරල බව ඔවුන් තේරුම් ගත යුතුය. එකිනෙක විනාශ කරමින් යන මේ විනාශ කාරී පැවතුම් හමාර කර යුතුය. ඒවැනි සීලයක් ඇති කර ගත විට මිනිසුන්ට දැන් ඇති වී ඇති බිය ක්‍රමයෙන් අඩු කර ගත හැක.
No comments:
Post a Comment