Friday, June 9, 2017
විශ්වයේ ඇත්තේ එක් සත්‍යයකි
විශ්වයේ ඇති ග්‍රහ වස්තූන් අනන්තය, ඒවා ගණන් කිරීමට නොහැක. වරක් බුදුන් වහන්සේ මේ විශ්වය ගැන සෙවීම පලක් නොවන බව ඒ උතුම් ප්‍රඥාවෙන් දේශනා කල සේක. මේ ග්‍රහ වස්තූන් අතර විශාල ශක්තීන් ප්‍රමාණයක් ගැබ් වී තියෙන්නට පුළුවන. මේ ශක්තීන් එක් එක් වස්තූන්ට විවිධ විදිහට බලපෑම් කිරීමට පුළුවන. එය මිනිසාටත් එසේමය.
අප පෘතුවිය දෙසට හැරෙමු. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් ඇත. ජාතීන් විශාල ප්‍රමාණයක් ඇත. මිනිසා යනුවෙන් හදුන්වන සත්වයාද, එක් එක් වර්ණයෙන් එක් එක් හැඩයෙන්, සිටිති. මේ සියල්ලම මිනිසා විසින් නිර්මාණය කල කිසිවක් නොවෙයි. මෙය සොබාදහමයි. විශ්වයේ ශක්තියයි.
මේ මිනිසාට සොබාදහමේ ඇති සත්‍ය සෙවීමට උවමනාවක් ඇත. එසේ අවශ්‍යතාවය කුමක්ද? ඔවුන් සොබාදහමට නතු නොවීම නිසා යම් වෙහෙසකට පත් වී ඇත. ඔවුන්ට එම වෙහෙසෙන් මිදීමට අවශ්‍යව ඇත. ඒ සදහා ලෝකයේම සිටින මිනිසුන් ආගම්, ඇදහිලි, විශ්වාස, දර්ශනයන්, එක් එක් ආකාරයෙන් විශ්වාස කරයි. නමුත් ඔවුන්ගේ ඉලක්කය එකකි.
ප්‍රධාන මාර්ගයක් ඒ මේ අතට යන වාහන දෙස සිත යොමු කරන්න. නා නා විධ පාට, හැඩයන්, ලොකු පොඩි වාහන එකම ප්‍රධාන නගරයක් කරා යනවා යයි සිතන්න. ඔවුන්ගේ ඉලක්කය ප්‍රධාන නගරයයි. කෙසේ ගියත් ඔවුන්ට හමු වන්නේ එකම ප්‍රධාන නගරයයි.
අද ලෝකයට වී ඇති දෙය ගැන මොහොතක් සිතන්න. මේ එකම සත්‍ය සොයන මිනිසුන් මේ මාවත අතරතුරදී විවිධ ගැටුම් ඇති කරගෙන ඇත. ඒ නිසා අද මුළු ලෝකයම ගිනි ගෙන ඇත. විනාශකාරී නිෂ්පාදන වලට යොමු වී ඇත. සොබාදහම විසින් ලෝකයේ සීතල උෂ්ණ සම දේශගුණික කලාප, උස්පහත් තැන්, ජලාශ, කදු ගංගා ,මුහුදු මේ විවිධ ආකාරයේ නිමැවුම් කර ඇත්තේ මේ හරහා මිනිසාට බෙදී වෙන් වීමට නම් නොවේ. යුද්ධ කිරීමට නොවේ. වර්ණයන් අනුව බෙදාගෙන යුද්ධ කිරීමට වත් නොවේ.
විවිධත්වය නිර්මාණය වී ඇත්තේ මිනිසාට ජීවත් වීමටය. විය යුත්තේ, ඒ සොබාදහමට අනුගත වීමයි. මෙසේ මේ මිනිස් සත්වයා සොයන පරම සත්‍ය සොයා ගැනීමට ඔවුන්ගේ මේ බෙදීම් නිසා කිසිම දිනෙක ඉටු නොවනු ඇත.
එහෙත්, මිනිසුන් අතර සිටින ප්‍රඥාවන්තයින් මෙය අවබෝධ කර ගනු ඇත. අවසානයේ මේ ලෝකයේ සිටින සැබෑ ප්‍රඥාවන්තයින් අවසාන සත්‍ය සෙවීමේ ඉලක්කයෙදී එකට සිටිනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment