Sunday, June 18, 2017

පිපෙන මල් කැකුළු තලමුද ? පිපෙන්නට ඉඩදෙමුද?(පළමු කොටස )



මේ කරුණු කීපය සමාජය තුලට ගලාගෙන යන්නට ඉඩ සකස්කර ගැනීම දිගු කලක සිට තිබුණු බලාපොරොත්තුවකි . අද සමාජයට බුද්දිමතුන් හිගයක් ඇත .උවමනාවක් ඇත .හැමදෙනාම මේ ගැන කතා කරති .විමසිලිමත් වෙති .නමුත් අපි සමාජයේ ගැබුරට ගිහින් බලමු . අද මල්කැකුලුවන් දරුවන්ගේ මානසික මට්ටම සිරගත කර ඇති ආකාරයක් .අපට පෙනේ .දෙමාපියන් සියලු දෙනාම දරුවන්ට ආදරය බව අපි දනිමු .එහි තර්කයක් නැත . නමුත් ප්‍රශ්නය එය නොවේ . ආදරය කියා ඔව්න් සිතතත් ඒ ඔව්න්ගේ සිත් තුල ඇති
අසාවන්ය .එය මෝහයයි,.මෝඩකමේ ගති ලක්ෂණයි.

ඔබ සිතන්න ,දරුවකු පෙරපාසල් අවදියේදී දෙමාපියන්ගේ හැසිරීම් රටාව දෙස කුඩා මල් කැකුළු වලට නිදහසක් නැත. සිතීමට ආහාර ගැනීමට කතා කිරීමට  නිදහසක් නැති බව අප දැක ඇත. පොත් බැගය පිටේ එල්ලාගන පයින් ඇවිදගන යාමට ඉඩක් දෙනවාද? පොත් බැගයේ බර නොහදුනන දරුවා  පවුලක බර හදුනා ගනීද?ඔහුට පයින් ගමන් කිරීමට අයිතියක් දී නැත.අම්මා හෝ තාත්තා විසින් ඔවුන් වඩාගෙන පෙර පාසල වෙත ගෙන ගොස් පුටුවද පිසදමා වාඩි කරවයි. මෙසේ දරුවාගේ මනස සිර කරයි.දරුවාගේ පුටුවවත් පිස දැමීමට හුරු නොකරන තත්වය උඩ ඔවුන් පන්ති කාමරය පාසැල නිවස පරිසරය මේවා පිරිසිදුව තබා ගනීද?

මේ අයුරින් සිරකරගෙන හැදෙන දරුවාට නිදහසේ සිතීමේ තනියෙන් වැඩක් කිරීමේ ශක්තිය වැඩෙයිද?මෙසේ ටිකෙන් ටික ලොකු මහත්වන දරුවා විභාග  තුලට කොටුකරමින් කටපාඩමින් විභාග  ලියන දරුවකු බවට පත් කරයි.මේ තුලින් ඔහුගේ සිතීමේ ශක්තිය වර්දනය වන්නේ නැත. මෙම වැරදි ක්‍රමයෙන් අප මිදිය යුතුය.කුඩා දරුවාට ක්‍රියාකාරකම් ලබා දෙමින් දෙමාපිය රැකවරණය මත ඔහුගේ වැඩකටයුතු එකිනෙක ඔහු නිදහසේ  සිතන්නෙක් කල යුතුය. ලස්සන මල් දකින විට මේ මල් පෙන්නා මල් වලට ලස්සන පාට ලැබුනේ කොහෙන්දැයි අසන්න . එවිට ඔහුට නැගෙන ප්‍රශ්න තුලින් සිතන්නෙක් බවට පත් කරන්න. මේ පුංචි කැකුළු ස්බාදහමේ කොටසක් බවට පත් කරන්න. ඇල, දොළ ගංගා මේවා ඔවුන්ට පෙන්වන්න. දැන් වී ඇත්තේ ඔවුන් ඒවාගෙන්  ඈත් කිරීමයි.කොන්ක්‍ර්ට්කාමර වලට කොටු කිරීමයි. සොබාදහමින් ඈත් කිරීමයි.මෙය විශාල ලිපියක් නිසා අදට නවතිමි.  

No comments:

Post a Comment